gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුරව අද පාන්දර ස්ටෝක්හෝම් ගුවන් තොටුපළේ දී උණුසුම් ලෙස පිළිගනී!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (27) අලුයම ස්වීඩනයේ ස්ටෝක්හෝම් ගුවන් තොටුපල වෙත ළඟාවී තිබෙනවා. ඒ අද දහවල් ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමුවකට එක්වීමට යි.

ස්ටෝක්හෝම් ගුවන් තොටුපල වෙත පැමිණි අනුර කුමාර දිසානායක මහතාව ජාතික sana බලවේගයේ ස්වීඩන් කමිටුව සහ එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් උණුසුම්ව පිළිගත් බවයි වාර්තා වන්නේ.

ස්වීඩනය ගිය අනුර කුමාර දිසානායක මහතා එටර ජාතික ජන බලවේගය කමිටුව විසින් සංවිධානය කරන ශ්‍රී ලාංකිකයන් ඇමතීම නියමිතව ඇත්තේ ස්වීඩනයේ ස්ටොක්හෝම් හී Nacka නගරයේ Griffelvägen හී Nacka Aula සම්මන්ත්‍රණ ශාලාවේ දී යි.

එරට සංවිධායක මණ්ඩලය සඳහන් කරන්නේ ස්වීඩන් වේලාවෙන් ප.ව. 1.30ට එරට සිටින ශ්‍රී ලාංකිකයන් ඇමතීමට සියල්ල සුදානම් බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka