කඩු පොලු කල්ලියක් පනී... ගුරු සංගම් සභාපතිගේ නිවසට ගිනි තබයි!
ලංකා ගුරු සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපතිවරයාගේ නිවසට මැර කණ්ඩායමක් කඩායැදී පහරදී නිවසට ගිනි තබා පලාගොස් ඇත.
පොලිසිය සඳහන් කරන්නේ අජිත් විජේසිංහ නම් සභාපතිවරයාගේ පුත්තලම මදුරංකුලිය ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට කඩා වැදුණු කඩු පොලු රැගෙන පැමිණි පිරිසක් බඩු මුට්ටු වලට දැඩි ලෙස අලාභ හානිකර නිවසට ගිනි තබා බලා ගොස් ඇති බවය.
හලාවත නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න මැඩපවත්වා ගෙන ඇති අතර ඔහුට අයත් මෝටර් රථයට හා යතුරුපැදියටද දැඩි ලෙස අලාභ හානි කර තිබේ.
එම ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය හේතුවෙන් පරිසර හා සෞඛ්‍යයක් ගැටලු සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ නඩු ගොනු කිරීම ටද ඒ මහතා මූලිකත්වය ගැන කටයුතු කර ඇතැයි මූලික විමර්ශනවලදී තොරතුරු හෙලිව ඇත.
කඩු පොලු කල්ලියක් පනී... ගුරු සංගම් සභාපතිගේ නිවසට ගිනි තබයි!
2024-04-02T07:05:00+05:30
Gossip Lanka Hot News






