නලින් හේවගේට අපරාධ පැමිණිලි ගොනු කරයි
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්තී‍්‍ර නලින් හේවගේ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි දෙකක් කර ඇත.
හිරු රූපවාහිනියේ විසින් පැවති වැඩසටහනකදී ඔහු විසින් සිදු කරන ලද රකාශය මත අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය විසිනි.
එමෙන්ම නලින් හේ වගේ මහතා විදෙස් ගතවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසද ඉල්ලා ඇත.
හේවගේ මහතා විසින් සඳහන් කළ ආකාරයට 88-89 කාලයේ කසිප්පුකාරයන් ස්ත්‍රී දූෂකයන් හා හොරුන් ඝාතනය කර ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බලා කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසද පැමිණිලිකරුවන් ඉල්ලා සිටිති.
නලින් හේවගේට අපරාධ පැමිණිලි ගොනු කරයි
2024-04-30T09:50:00+05:30
Gossip Lanka Hot News






