88-89 කාලයේ වූ සිදුවීම් සොයන්න යැයි ඉල්ලා CIDයට පැමිණිල්ලක් : JVP බලයට ආවොත් මිනීමරයි කියා ඩෑන් ප්‍රියසාද් බියෙන්!
ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගය බලයට ආවොත් අහිංසක මිනිසුන් මරා දමා ඔවුන් ස්ත්‍රී දූෂකයන්, කසිප්පු කාරයන් යැයි කියා කියනු ඇතැයි සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩැන් ප්‍රියසාද් පවසනවා.
88-89 කාලයේ වූ සිදුවීම් පිළිබඳ විමර්ශණයක් කරන්න යැයි ඉල්ලා කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිල්ලක් කිරීමට ඊයේ (29දා) පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පවසා සිටියා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඩෑන් ප්‍රියසාද්,
“අර සහෝදරවරුන්ගේ පක්ෂය වන ලංකාවේ තියෙන මිනීමැරුම් පක්ෂය, මිනීමරුවන් ඉන්න පක්ෂය වන ජනතා විමුත්ති පෙරමුණේ පසුගිය 89-89 කාලයේ වෙච්ච සිදුවීම් අපි දැක්කා.
මොකද අපේ අම්මලා තාත්තලා, සීයලත් එක්ක කථාබහ කරනකොට ඔය විස්ස්තර කියනවා.
ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන පසුගිය දිනක මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේවගේ විසින් කියනවා 89-89 කාලයේ මැරෙන්න ඇත්තේ ස්ත්‍රී දූෂණය කරපු, කුඩු බිස්නස් කරපු, කසිප්පු කාරයෝ කියලා.
ප්‍රසිද්ධ මාධ්‍යයකට ඇවිල්ලා එලෙස මරාදාපු ආකාරය කියනවානම්, අනාගතයේ බලයට පත්වෙන ජාතික ජනබලවේගය නොහොත් ජනතා විමුක්ති පෙරමුණ අනාගයේ යම් දවසට රටේ බලයට පත්වුණොත්, මේ රටේ අහිංසක මිනිසුන්වත් මරලා කියයි ඒ මැරුවේ ස්ත්‍රී දූෂකයෙක්, කසිප්පු බිස්නක් කරපු කෙනෙක් කියලා” යනුවෙන් පැවසුවා.
88-89 කාලයේ වූ සිදුවීම් සොයන්න යැයි ඉල්ලා CIDයට පැමිණිල්ලක් : JVP බලයට ආවොත් මිනීමරයි කියා ඩෑන් ප්‍රියසාද් බියෙන්!
2024-04-30T08:58:00+05:30
Gossip Lanka Hot News






