gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරයා අපේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු තෝරාගෙන අල්ලස් විදිහට මුදල් දීලා! මේ මන්ත්‍රීවරුන් ගැන අනිවාර්යයෙන්ම සාකච්ඡා කර පියවරක් ගන්නවා! රනිල් සජබ මන්ත්‍රීවරුන් 6 දෙනකුට කෝටි 32ක් වෙන් කිරීම ගැන සජබ මහලේකම් මද්දුමබණ්ඩාරගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO

විමධ්‍යගත යෝජනා යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් මුදල් ලබා ගැනීම වැරදි බව ත් එම මුදල් ලබා ගන්නා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරන දේ පක්ෂය තුළ ඉදිරියේදී අනිවාර්යයෙන් ම සාකච්ඡා කරන බවත් සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.

පෞද්ගලික මන්ත්‍රී යෝජනා සහ ඒවා ඉදිරිපත් කළ ස.ජ.බ. මන්ත්‍රීවරුන් ගැන සොයා බලන බවත් දැනට ම එම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ලැබී ඇත්දැයි සොයා බලන බවත් පක්ෂ මහ ලේකම්වරයා අවධාරණය කර කීය.
සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් හය දෙනකුට විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙන්කර දීම සම්බන්ධයෙන් සජබ පක්ෂ මහ ලේකම්වරයාගෙන් මව්බිම පුවත්පත කර ඇති විමසීමකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් තෝරාගෙන ඔවුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට අල්ලස් ලෙස මුදල් ලබා දී ඇති බව ත් එම ප්‍රතිපාදන තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනට ම ලබාගෙන ඇත්දැයි සොයා බලන බව ත් මහ ලේකම් මද්දුම බණ්ඩාර මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට විකෘති කළද දේශපාලනයේදී තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බා ගැනීමට ජනපතිට ඉඩ නොදෙන බවත් හෙතෙම පැවසීය.

මැතිවරණ ආසන්නයේ රජය උත්සහ කරන්නේ නොයෙක් පඬුරු ලබා දී සමගි ජන බලවේග මන්ත්‍රිවරුන්ගේ ඡන්ද ලබා ගැනීමට බව ත් එය අසාධාරණ බවත් විමධ්‍යගත ප්‍රතිපාදන ඇත්තේ සෑම මන්ත්‍රීවරයෙකුට ම ලබා දීමට මිස තෝරා ගත් අයට දීමට නොවන බව ත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

මේ අනුව, එම මුදල් සජබ මන්ත්‍රීවරුන් පිළිගන්නේ නම් ඒ සම්බන්ධව සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ගන්නා පියවර දැනටමත් කල්පනා කරමින් ඇති බව ද ඔහු වැඩිදුරටත් කීවේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka