2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානන්ට පිළිගැන්වීම හෙට (18) පෙ.ව. 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවෙයි.
ජාතික ජන බලවේගය මෙම ප්‍රතිඥාව මගින් ප්‍රකාශ කර සිටින්නේ තම රජයක් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම අපරාධ චෝදනා ලැබූවන් තරාතිරම නොබලා නිතිය හමුවට පමුනුවන බවය.
හිටපු ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය, ප්‍රහාරය වළක්වා ගැනීම මග හැරිය සහ පරික්ෂණ වෙනත් අතකට යොමු කිරීමට කටයුතු කළ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන බවත්, මහමොළකරුවන් සහ අපරාධය සැලසුම්කරුවන් සොයා නිසි දඬුවම් ලබා දෙන බවත් ජාතික ජන බලවේගය විසින් මෙම ප්‍රතිඥාව හරහා සපථ කර තිබේ.
