gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පියුමිගේ ජීවන රටාව සංජය මහවත්තට ප්‍රශ්ණයක් වෙයි : ගෝඨාගේ රේන්ජ් රෝවරය පියුමි ගත්තාට වත්කම් විමර්ශණ කොට්ඨාෂයට පැමිණිලි කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (17) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මැතිවරණයක් අත ළඟ බැවින් දේශපාලඥයන් විසින් තමන් ඉතිරි කර ගත් කළු සල්ලි සියල්ල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට එන්නත් කිරීමට නැඹුරු වන බවත්, මුදල් විශුද්ධිකරණයේ යෙදෙන පුද්ගලයන්ට එය හොඳ කාලයක් වී ඇති බවත් ඔහු පවසනවා.

ඔහු පවසන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රේන්ජ් රෝවර් රථය (CBH 1949) පියුමි හංසමාල් ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව යම් සැකයක් පවතින බවයි.

එබැවින් දේශපාලනඥයන්ගේ කළු සල්ලි සම්බන්ධ මුදල් විශුද්ධිකරණය සඳහා පියුමි හංසමාලි යොදා ගන්නා බවට සැක මතුවන බවද ඔහු චෝදනා කරනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රෑපලාවන්‍ය අලෙවියේ යෙදී සිටින ඇය මේ වනවිට සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවන බවත් ඇය මෑතකාලීනව කිසිදු රෑපවාහිනියක පෙනී නොසිටි බවයි.

එමෙන්ම රෑපලාවන්‍ය අලෙවියෙන් ජීවිකාව ගෙනයන කිහිප දෙනෙකු තමන් දන්නා බවත් ඔවුන්ගේ ජීවන රටාව හා සැසඳීමේදි ඇය සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවන බවත් මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් තමන් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka