gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැසිල් කැමතියි.. නාමල් අකමැතියි.. රනිල් පෙරමුණ ගනී!

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ වෙත පොදුජන පෙරමුණේ සහාය ලබාදීමට බැසිල් රාජපක්ෂ වැඩි කැමැත්තකින් සිටින බව වාර්තා වේ.

අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් සමග පැවසුවේ යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවක් අවසානයේ සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම තීරණයට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ වැඩි කැමැත්තක් නැති බව වාර්තා වන අතර ඔහුගේ මතය නිසා ජනාධිපතිවරණය කැඳවන තෙක් සහාය පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු නොකිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහාය දීම හමුවේ දැනට ඉතිරිව සිටින පක්ෂ ආධාරකරුවන් පක්ෂය අතහැර යනු ඇති බව නාමල් රාජපක්ෂ පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka