gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කටුනායක ප්‍රභූ පර්යන්තයේ වෙඩි ප්‍රහාරයක්... ගුවන් සෙබලා අත්අඩංගුවට!

අද (30) දින උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ “ප්‍රභූ පර්යන්තය” තුළ රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය හදිසියේම පත්තු වීමෙන් පර්යන්තයේ වහළයට හානි සිදුව ඇත.

ගුවන් තොටුපොළ තුළ විශේෂ ප්‍රභූ අමුත්තන් සහ මුදල් ගෙවා පහසුකම් ලබාගන්නා පර්යන්තයේ සිටි ගුවන් භටයා සතුව තිබූ T 56 වර්ගයේ ගිනි අවිය වැරදීමකින් පත්තු වී ඇති අතර එම වෙඩි ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

එම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නායක ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka