gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැමති විදිහට මරණෙ වැඩ කරගන්න රනිල්ගෙන් අලුත් නීතියක්!

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදුකිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඊට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පෙරේදා  (07) පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.

“පසුගිය කොරෝනා වසංගත සමයේ මුස්ලිම් ප්‍රජාව තමන්ගේ අවසන් කටයුතු නිසි ආකාරයෙන් සිදු කර ගැනීමට නොහැකිව දැඩි වේදනාකාරී තත්ත්වයක පසු වුණා. එම තත්ත්වය වෙනස් කිරීමට ඉදිරියේදී අප කටයුතු කරනවා. ඕනෑම කෙනෙකුට ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයක් මඟින්, තමන්ට කැමති ලෙස අවසන් කටයුතු සිදු කර ගත හැකි නීති ඉදිරියේදී සකස් කරනවා. ඕනෑම කෙනෙකුට භූමදානය සඳහා හෝ ආදාහනය සඳහා අයිතියක් තිබෙනවා. එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත අනුව සිදු කිරීමට අවශ්‍ය නීති අප සකස් කරනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka