කාවින්දගෙන් ජනපතිට භෝජන සංග‍්‍රහයක්... SJB මන්ත‍්‍රී පිරිසකුත් එක්වෙලා!
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව සති අන්ත පුවත් පතක් වාර්තා කර ඇත.
පාස්කු ඉරිදා දිනය සැමරීම වෙනුවෙන් මෙම භෝජන සංග්‍රහය පවත්වා ඇති බවත් ඒ සඳහා සමගි ජන බලවේග තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වූ බවත් වාර්තාවේ සඳහන් වෙයි.
ජනාධිපතිවරයා මධ්‍යම රාත්‍රිය ආසන්න වනතෙක් ඔවුන් සමග තකර තිබූ බවද එහි දැක්වේ.
නිමල් ලන්සා මහතා සහ ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් ද ජනාධිපතිවරයා වෙනුවෙන් එදින රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණද එයට නොපැමිණෙන බව ජනාධිපතිවරයා දැනුම්දී කාවින්ද ජයවර්ධන මහතාගේ භෝජන සංග්‍රහයට සහභාගි වී ඇතැයි ද වාර්තාව තවදුරටත් කියා සිටී.
කාවින්දගෙන් ජනපතිට භෝජන සංග‍්‍රහයක්... SJB මන්ත‍්‍රී පිරිසකුත් එක්වෙලා!
2024-04-09T07:35:00+05:30
Gossip Lanka Hot News







