gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු විවාදය උණුසුම් වෙයි - චාමර සම්පත්ට මල පනී... බණ්ඩලා දෙන්නා එල්ලන්න ඕන යැයි පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විවාදය අද තෙවැනි දිනටත් පැවැත්වෙනවා.

මේ වනවිට එම විවාදය උණුසුම් මුහුණුවරක් පෙන්නුම් කරන අතර රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අතර මේ සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් ඇතිවුණා.

චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ 2019 වසරේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නලින් බණ්ඩාර මහතා පොලිස් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවයි.

ඒ අනුව ඔහු එම ප්‍රහාරය සම්බන්ධයෙන් කතාකිරීමට ලැජ්ජවිය යුතු බවයි ඒ මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබාදෙමින් නලින් බණ්ඩාර මහතා කියා සිටියේ චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි බවත් 2019 පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී තමන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවයි.

ඒ අනුව එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන මෙන් නලින් බණ්ඩාර මහතා මූලාසනය හෙබ වු වසන්ත යාපා බණ්ඩාර මහතාගෙන් ඉල්ලීමක් කළා.

එහිදී උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට තැත් කළ වසන්ත යාපා බණ්ඩාර මහතාට චාමර සම්පත් මහතා පක්ෂපාතිව කටයුතු කරන්නැයි ආවේගයෙන් කියා සිටියා.

මේ එහිදී අදහස් පළකල රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා..

"2019 පාස්කු ප්‍රහාරය වෙනකොට විපක්ෂය ආණ්ඩුවේ සිටියේ... කැබිනෙට්ටුවෙත් හිටියේ එයාලා.. කලින් දැනුම් දීලා තිබුණා මෙහෙම ප්‍රහාරයක් වෙනවා කියලා.. මෙයාලා මුකුත් කලේ නැහැ.. පොලිස් ඇමති වෙලා හිටියේ.. දැන් මේ ප්‍රහාර අපේ කරෙන් දාන්න යනවා.."

ඊට විරෝධය පෑ නලින් බණ්ඩාර මහතාට චාමර සම්පත් දසනායක මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්...

"මේ තමුසේ වාඩිවෙනවා.. බොරුවට නිකන් කෑ ගහන්න එපා.. තමුසේ පොලිස් ඇමතිකමේ ඉද්දි කරපු හරිය තමයි මේ.. තමුසෙයි රංජිත් මද්දුම බණ්ඩාරයි දෙන්නම එකයි.. මේ නඩුවේ එල්ලන්න ඕන මේ දෙන්නා.. නලින් බණ්ඩාරවයයි... රංජිත් මද්දුම බණ්ඩාරවයි.. බණ්ඩලා දෙන්නම එකයි.. බණ්ඩලට තේරෙනවද පොලිස් ඇමතිකම් කරන්න.. වැඩේ ෆේල්... වගකියන්න ඕන මෙයාලා.. "


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka