gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවේදී ජනාධිපතිවරණය ගැන කතාකලේ මොනවාද ?

ජනාධිපතිවරණයට පෙර රටේ සංවර්ධන කටයුතු හැකිතාක් දුරට අවසන් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගීවී ඇති බව වාර්තා වෙනවා.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සියලු මැතිවරණ කොට්ඨාස සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමට විශේෂ අවදානයක් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇතැයි වාර්තා වෙනවා.

ඉදිරි මැතිවරණවලදී හවුල්කාර දේශපාලන පක්ෂ ගනු ලබන තීන්දු තීරණ සහ නිශ්චිත එකඟතාවලට එළඹීම සම්බන්ධයෙන් ද මෙහිදී අවදානය යොමුව තිබෙනවා.

ඉදිරි කාලය මැතිවරණ කාලයක් බැවින් ඒ බව දැනගෙන කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka