අගහිඟකම් නිසා මන්ත්‍රීවරු 40ක් පොඩි වාහනවලට බැහැලා – සමහරු බස් එකෙත් යනවලු!
ආර්ථික ගැටළු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40කට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගී වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම අධික ඉන්ධන වියදම් හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම මෙන්ම විවිධ උත්සව සඳහා සහභාගිවීමද සීමාකර ඇතැයි මන්ත්‍රීවරු කීපදෙනෙක් පැවසූහ.
එසේම මන්ත්‍රීවරුන් කිහිපදෙනකු බස් රථ, දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීමට පෙලඹී සිටින බවද වාර්තාවේ.
සමහර මන්ත්‍රීවරුන් තමන් සතුව පැවැති ලොකු වාහන විකුණා දමා ඇතැයි දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදීගැනීමට රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීම ආර්ථික අර්බුදය හේතුවෙන් වසර දහයකට වැඩි කාලයක් තිස්සේ නතර කර ඇත.
ඉදිරි මැතිවරණවලට පෙර එම වාහන බලපත්‍රය හෝ ඊට අඩු මිලක් සහිත වාහන බලපත්‍රයක් හෝ ලබාදෙන්නැයි මන්ත්‍රීවරු රැසක් පසුගියදා රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළහ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්නගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවයි.(ලංකාදීප)
අගහිඟකම් නිසා මන්ත්‍රීවරු 40ක් පොඩි වාහනවලට බැහැලා – සමහරු බස් එකෙත් යනවලු!
2024-04-29T08:15:00+05:30
Gossip Lanka Hot News






