gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගිය සතියේ විවෘත කරපු උමා ඔයට ආසන්නයේ කරඳගොල්ල ප්‍රදේශය නායයන්න ඔන්න මෙන්න! අද භූවිද්‍යාඥයන් කණ්ඩායමක් විශේෂ නිරීක්ෂණයකට යනවා! ගම්මුන් නම් කියන්නේ උමාඔයේ උමං මාර්ගයට වතුර පිරවීමත් එක්ක මේ තත්ත්වය ඇතිවුණා කියලයි!

උමා ඔය ව්‍යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් අද දිනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වීමට සැලසුම් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, නාය අවදානම අවම කිරීම සඳහා කඳුකර භූමියේ ඉහළ රැඳී ඇති ජලය කෙටි කාලීන ක්‍රම ඔස්සේ පහළට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවය.

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක මලිත්තගොල්ල නම් වූ බෑවුම් සහිත කොටසෙහි දින කිහිපයකට පෙර සක්‍රීය වූ නාය අවදානම සම්බන්ධයෙන් මේ වනවිට බලධාරීන් දැඩි නිරීක්ෂණයක පසුවෙයි.

නායයාමක ලක්ෂණ පෙන්නුම් කරමින් ජලය ගලායන ආකාරය සහ රොන්මඩ පවතින ආකාරය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සැකපළ කරන්නේ එය උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයට ජලය පිරවීමත් සමඟ ඇතිවූ තත්ත්වයක් බවටය.

කෙසේවෙතත්, එය ජල විද්‍යාත්මක හෝ භූ විද්‍යාත්මක පර්යේෂණයකින් තහවුරු වී නැති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඊයේ පැවසීය.


මේ අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පිරිසක් ඊයේ එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට ද එක්විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka