අවුරුදු 75කට පසු ඩුබායි යටවෙන්නම ගලයි! සාප්පු සංකීර්ණ-පාරවල්-උමං දුම්රිය වතුරෙන් යටවෙයි! ඩුබායි ගුවන් තොටුපොළ ගගක් වගේ! ගුවන් ගමන් 500ක් කැන්සල්! (VIDEO)
වසර 75කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට දරුණු ජලගැලීම් ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ.
කලාපය ඔස්සේ හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට අධික වර්ෂාපතනයක් බලපා තිබේ.
මෙය වාර්තාවන්නේ වසර 75 කින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තාවූ උපරිම වර්ෂාපතනය ලෙසය.
මේ සමඟ ඩුබායි ඇතුළු එමීර් රාජ්‍යය කලාප හතෙන්ම ජලගැලීම් වාර්තා වී තිබිණි.
ලොව වඩාත්ම දියුණු නගරයක් වන ඩුබායි හි වීථි ජලගැලීමට හසුව තිබුණි.
සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය දණක් තෙක් ජලයෙන් යටවී තිබිණි.
එමෙන්ම එහි දියුණු උමං දුම්රිය ස්ථාන සහ මාර්ග පවා ජලයෙන් යටවී තිබුණේ එමීර් රාජ්‍යයේ ජලඅපවහන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු මතුකරමිනි.
ලොව වඩාත්ම කාර්යබහුල ගුවන්තොටුපොළක් ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජලගැලීම් අතරතුර ජලයෙන් යටවී තිබිණි.
මේ අනුව එහි කටයුතු සීමා කිරීමට බලධාරීන්ට සිදුවූ අතර තවත් ගමන් වාර රැසක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමුකිරීමටත් පියවර ගැනුණි.
එමෙන්ම එමිරේට්ස්, ෆ්ලයි ඩුබායි ඇතුළු ගුවන් සේවා රැසක් ඩුබායි වෙත මෙහෙයුම් තාවකාලිකව නවත්වා තිබේ.
කෙසේ නමුත් ජල ගැලීම් මැද පවා ගුවන්ගමන් කිහිපයක් ක්‍රියාත්මක කළ බව වාර්තා වේ.
අවුරුදු 75කට පසු ඩුබායි යටවෙන්නම ගලයි! සාප්පු සංකීර්ණ-පාරවල්-උමං දුම්රිය වතුරෙන් යටවෙයි! ඩුබායි ගුවන් තොටුපොළ ගගක් වගේ! ගුවන් ගමන් 500ක් කැන්සල්! (VIDEO)
2024-04-17T14:33:00+05:30
Gossip Lanka Hot News






