gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැතිගෙන් නන්දලාල්ගේ මූණටම බැණුම් වැස්සක්!

ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කරදීමට ක්‍රියා නොකළ බව, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට ඔවුන් ඉදිරිපිට ම චෝදනා කර තිබේ.

ඔහු පවසා ඇත්තේ බොහෝ විශ්‍රාමිකයන් සිය විශ්‍රාම අරමුදල් මෙසේ තැන්පත් කර ඇතත් එම සමුපකාර බැංකු කඩා වැටීම නිසා අදාළ මුදල් ලබාගත නොහැකිව වසර ගණනාවක් තිස්සේ දුක් විඳින බවය. එහෙත් මහ බැංකු නිලධාරීන් මෙය ගණන් නොගෙන සිටීම බරපතළ වරදක් බව ද ඔහු පෙන්වා දී තිබේ.

අගමැතිවරයා මෙසේ චෝදනා කර ඇත්තේ, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ද ඉදිරිපිටය.

මෙහිදී ඇමැති බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත වීරසිංහ, මධුර විතානගේ, යදාමිණි ගුණවර්ධන, ජගත් කුමාර යන මහත්වරු ද අගමැතිවරයා මතු කරන ප්‍රශ්නයට පක්ෂව කරුණු ඉදිරිපත් කර තිබේ. ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මහ බැංකුව, සමුපකාර අංශය කැඳවා සාකච්ඡාවක් පවත්වන ලෙස ඉල්ලා සිටියත්, මහ බැංකු නිලධාරීන් කිසිත් නොකියා නිහඬව සිට ඇති බවද වාර්තා වේ. මහ බැංකුවට අසීමිත බලයක් ලබාදී ගැටලු මතුවී ඇති බවත්, සෑම නිලධාරියකුම ඉල්ලා සිටින සැම දේම දිය නොහැකි බවත් පාර්ලිමේන්තුව මේවාට වගකිව යුතු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.

මෙහිදී නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මහ බැංකුව ස්වාධීන කිරීමට ගොස් පාර්ලිමේන්තුව හොඳ පරිප්පුවක් කෑ බවය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා මතු කර ඇත්තේ නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් සමුපකාර බැංකු කඩාවැටෙන තුරු සිට ඒවායේ දේපොළ වෙන්දේසි කිරීමට බලධාරීන් කටයුතු කිරීම සහ තැන්පතුකරුවන්ගේ මුදල ආපසු ගත නොහැකිව වසර ගණනාවක් ගතවන ප්‍රශ්නය පිළිබඳවය.

අනෙකුත් බැංකුවලට අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම පිළිබඳ නිර්නායක බැංකු පනතේ සංශෝධනවලට අයත් බව මහ බැංකු නිලධාරීන් පවසද්දී යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ, මහජන බැංකුව, ලංකා බැංකුව පිහිටුවීමේ පරමාර්ථවත් ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් නොදන්නා බවය. බැංකු ගම්වලට නොගිහින් ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ශක්තිමත් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කර ඇත.

අකිත පෙරේරා
– Divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka