gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකිකයන් පදක්කම් දිනාගත් ජාත්‍යන්තර තායි සටන්කලා ක්‍රීඩා උළෙල

තායිලන්තයේ ෆුකෙට් පළාත් පරිපාලන, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ සංස්කෘතික අමාත්‍යාංශයේ සහාය ඇතිව කෘ මුයිතායි සංගමය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර තායි සටන් කලා ක්‍රීඩා උත්සවය මේ වසරෙ  මාර්තු මාසයේදී තායිලන්තයේ ෆුකෙට් හිදී පැවැත්විණි.

Muay Thai යන්නෙහි තේරුම "තායි බොක්සිං" යන්නයි. එය තායිලන්තයේ ජාතික ක්‍රීඩාවද වේ. එය සුඛෝතායි රාජධානි (Sukhothai Kingdom) කාලය තුළ 13 වැනි සියවස පමණ ඈතට දිවෙන යුධමය භාවිතයේ මූලයන් සහිත සටන් කලාවකි. මුආයි තායි සටන් කලාව "අංග 8 ක කලාව" ලෙසද හඳුන්වනු ලබන අතර එයට හේතුවන්නේ එය හස්ත පහරවල්, වැලමිට, දණහිස් සහ පයින් පහරවල් භාවිතා කරන බැවිනි.  ක්ලින්චිං, ස්වීප් සහ විසි කිරීම් සිදුකිරීමටද මෙම සටන් කලාව තුල අවසර ඇත.

8-ලක්ෂ්‍ය සම්බන්ධතාවයට අමතරව, Muay Thai සහ තවත් බොහෝ නැගී එන සටන් ක්‍රීඩා අතර ප්‍රධාන වෙනසක් වන්නේ Wai Kru Ram Muay ලෙස හැඳින්වෙන පූර්ව සටන් නැටුම් චාරිත්‍රය, හිස් පටිය (Mongkon) සහ සෑම සටනක් සමඟම සංගීතය භාවිතා වීමයි .

World Muay Boran Federation (WMBF) සහ World Muaythai Organization (WMO) මගින් සංවිධානය කරනු ලබන 6වන ජාත්‍යන්තර සහ තායි සටන් කලා ක්‍රීඩා උළෙල මේ වසරේ මාර්තු 10 සිට 17 දක්වා තායිලන්තයේ ෆුකෙට් හිදී පැවති අතර එම තරඟාවලිය සදහා ශ්‍රීලාංකික ක්‍රීඩකයන්  දෙදෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු සහභාගී විය. රටවල් 51ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික පිරිසක්  මෙම ඉසව්ව නියෝජනය කිරිම විශේෂත්වයකි.
එහිදී ශ්‍රීලාංකික ක්‍රීඩකයන්  රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව අභිමානයට පත් කිරීමට සමත් විය. ඔවුන් දැක්වූ දස්කම් පහත පරිදි ය.

සම්පත් ජයසිංහ කිලෝග්‍රෑම් 51න් පහළ – දෙවැනි ස්ථානය (රිදී පදක්කම)
කුමුදු ප්‍රසන්න - කිලෝග්‍රෑම් 63.5 න් පහළ තෙවැනි ස්ථානය (ලෝකඩ පදක්කම)
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දුෂාන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළ පරිදි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ප්‍රබල මුයිතායි සටන්කාමීන් ලෙස ප්‍රසිද්ධ රටවල ක්‍රීඩකයන්ට එරෙහිව අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සටන් කර මෙම විශිෂ්ඨ ජයග්‍රහණයන් අත්කර ගැනීමට සමත්ව ඇත. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමටමෙම තරඟාවලිය සදහා සමභාගී වීමට නිල මූල්‍ය අනුග්‍රහය දක්වා ඇත්තේ  VMD උපදේශක ව්‍යාපාරයේ සභාපති වජිර ධනපාල මහතා වන අතර ඒ සම්බනදයෙන් විශේෂ ස්තුතියක් ඒබමහතාට පිළිගැන්වීමටද ශ්‍රීලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දුෂාන්ත  පෙරේරා මහකා කටයුතු කලේය.

ශ්‍රී ලංකාවේ WMBF සහ WMO හි ප්‍රධානී - Arjarn Dushantha Perera මහතා දශක දෙකකට වැඩි කාලයක් මෙම ක්‍ෂේත්‍රය පිළිබඳ තම දැනුම සහ අත්දැකීම් බෙදාහදා ගන්නා අතර එමඟින් ශ්‍රීලංකික ක්‍රීඩකයින්ට මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි විය. ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලියාපදිංචි කර පිළිගත් පළමු ශ්‍රී ලංකා මුයිතායි සම්මේලනයේ නිර්මාතෘ බව සඳහන් කළ යුතුය. මෙම ක්‍රීඩාව 2005 දී ඔහු විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර එය ශ්‍රී ලංකාව තුළ පුළුල් ලෙස ව්‍යාප්ත වී මේ වන විට ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව ඇත. කණ්ඩායමට ත්‍යාගශීලී නිල මූල්‍ය අනුග්‍රහය දැක්වීම පිළිබඳව ඔහු VMD උපදේශක ව්‍යාපාරයේ සභාපති වජිර ධනපාල මහතාට විශේෂයෙන් ස්තුතිවන්ත විය.

World Muay Boran Federation (MMBF) සහ World Muaythai Organisation (WMO) යනු ලොව පුරා ශීඝ්‍රයෙන් පිළිගැනීමක් ලබන වේගයෙන් සංවර්ධනය වන සංවිධාන වේ. මෙම අතිවිශාල සාර්ථකත්වය හේතුවෙන් මාර්තු මාසයේ තායිලන්තයේ පැවති වාර්ෂික ජාත්‍යන්තර තායි සටන් කලා ක්‍රීඩා උළෙල හා ජාත්‍යන්තර තායි සටන් කලා ශූරතාවලිය ඉතාමත් සාර්ථකව අවසන් කිරීමට එහි සංවිධායකවරුන්ට හැකිවිය.
2021 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් මුයිතායි ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙසද නිල වශයෙන් පිළිගැනීමනීම සිදුවිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka