චාමර සම්පත් පොස්පේට් සමාගමේ සේවිකාවකට තර්ජනය කරයි
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක විසින් ලංකා පොස්පේට් සමාගමේ මානව සම්පත් සහ පරිපාලන සහකාර එච්.ඩී.වී.කේ. චන්ද්‍රරත්නට අමාත්‍යාංශයේ සහ සමාගමේ නිලධාරීන්ගේ ඉදිරියේ බරපතළ චෝදනා සහ තර්ජනයක් එල්ල කළ බවට චෝදනා එල්ල වේ.
ඉදිරියේදී මෙවැනි සිදුවීම් නැවත ඇති වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ඇමැතිවරයාට දැනුම් දී තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ නිලධාරිනිය සමාගමේ සභාපති සන්ධ්‍යා අඹන්වෙලගෙන් ඉල්ලා තිබේ.
අනියම් සේවකයකුට හිරිහැර කළ බවට චෝදනා කරමින් ඇමැතිවරයා ඇයව අමාත්‍යාංශයේ රැස්වීමක් සඳහා කැඳවා සමාගමේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු ඉදිරියේ තර්ජනය කර දැඩි ලෙස බැණ වැදුණු බව එම නිලධාරිනිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණයක් පවත්වා නොමැති නමුත් සිද්ධියට සම්බන්ධ අනියම් සේවකයා මේ වන විට අමාත්‍යාංශයට මාරුකර යවා ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කරති.
චාමර සම්පත් පොස්පේට් සමාගමේ සේවිකාවකට තර්ජනය කරයි
2024-04-11T07:27:00+05:30
Gossip Lanka Hot News






