gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාගල හා ඇමරිකා ලොක්කෙක් සාකච්චා... ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ඇමෙරිකා පූර්ණ සහාය!

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය හිමිවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) මහතා පැවසීය.

ජේක් සලිවන් මහතා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමඟ (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමිනි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් තීරණාත්මක මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. කඩිනම් ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහය අගය කරන බව සඳහන් කළ සුලිවාන් මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන මඟින් පෙන්වා දී ඇති රාජ්‍ය මූල්‍ය, මුදල් සහ පාලන යන ක්ෂේත්‍රයන්හී සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.

විවිධ ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයන් හා ඒ පිළිබඳ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

කලාපයේ සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දෙරට අතර පවතින අන්‍යොන්‍ය අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැපවන බව ද සුලිවන් මහතා පැවසීය.

මෙම සංවාදය ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන අතර ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ කැපවීම පෙන්නුම් කරයි.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka