රට මුදා ගත් රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපති වරයාට සහයෝගය පළ කිරීමට තමන් තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඌවපරණගමදී පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී ය.
ඔහු එහිදී මෙසේද පැවසීය,.
නොමිලේ සහල් බෙදාදීම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම පිළිබඳව අපි සතුටට පත්වනවා. සහල් කිලෝ 20ක් ලබාදීම සඳහා එක් අයෙක් වෙනුවෙන් රුපියල් 6000ක මුදලක් රජය විසින් වියදම් කර තිබෙනවා, නමුත් ජීවත් වීමට ආර්ථික අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් මෙවැනි ප්‍රතිලාභයක් ලබාදීම ඉතා ප්‍රශංසනීයයි .
බංකොලොත් වී තිබු මේ රට එදා භාරගන්න කෙනෙක් හිටියේ නැහැ. නායකයින් රටින් පලායද්දි රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට ඇවිත් එම වගකීම භාර ගත්තා.
වර්තමානයේ පක්ෂවලට ඡන්දය ලබාදීමේ සාම්ප්‍රදාය අවසන් වී තිබෙනවා. ආසනයට රටට වැඩක් කරන කෙනෙක්ට ඡන්දය ලබාදීම සඳහා ජනතාව පෙරට පැමිණෙමින් තිබෙනවා.
මා වසර 27ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළත් ආර්ථික වශයෙන් රට මුදා ගත් නායකයාට සහයෝගය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වෙන්න තීරණය කළා.
මින් ඉදිරියට පක්ෂවලට ඡන්ද දීමට ජනතාව සූදානම් නැහැ. එම නිසා මෙවර ජනාධිපතිවරණයේදී ඉතා වැඩි ඡන්ද ප්‍රමාණයකින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ දිනවීමට අප බලාපොරොත්තු වෙනවා.
ඉදිරි අවුරුදු 5 සඳහා ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ රට ජනතාව විසින් බාර දෙනවා. එය ස්ථිරයි.