ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු බාරගත් දිනට පසු දිනයේදීම දුරකථනයෙන් තමා වෙත අමතා පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසමේ විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළ හොත් තම හිතවත් සංවිධාන සහ නායකයන් විරසක විය හැකි බැවින් එසේ නොකරන බවත් පැවසූ බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියෝ ඊයේ (21) ප්‍රකාශ කළේය.
‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දනයක් සිහිකිරීම වෙනුවෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී ඊයේ (21) පැවැති 5 වැනි සැමරුවේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එසේ පවසා තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසු කඩා වැටුණු මෙරට ආර්ථිකය අද වන තුරුත් ගොඩගැනීමට නොහැකි වූ බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණ කිරීමට එවකට ආණ්ඩුව විජිත් මලල්ගොඩ විනිසුරුවරයාගේ නායකත්වයෙන් යුත් එක් කමිටුවක් ද, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද, ජනාධිපති කොමිෂන් සභාවක් ද, පත්කළ බවත් උන්වහන්සේ සිහිපත් කළේය.
අදාළ කමිටුවලින් නිර්දේශ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේ බලය සහ වගකීම 2019 නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් බලයට පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ වෙත පැවරුණු බවත් ඔහු ජනාධිපතිවරණයට පෙර මීගමුව සහ ජාඇල යන ප්‍රදේශවල පැවැත් වූ දේශපාලන රැස්වීම්වලදී සහ රදගුරු මණ්ඩල අතර පැවැති සාකච්ඡා වලදී ද පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරැදි පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබඳව සාධාරණ ඉටුකරන්නේ යැයි සහතික වූ බවත් කාදිනල් හිමියෝ සිහිපත් කළහ.
පසුගිය වසරේ (2023) ඔක්තෝබර් මස 23 වැනිදා රදගුරුතුමන්, පියතුමන් සහ ගිහි පැවිදි පිරිසක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ප්‍රහාරය සම්බන්ධයෙන් යොමු කළ ලිපියට අදාල ලිපිය ලැබුණු බවට හෝ පිළිතුරක් නොලැබීමෙන් වර්තමාන ආණ්ඩුවට ද ඒ පිළිබඳව කිසිදු උවමනාවක් නොමැති යැයි පැහැදිළි වන බව කී කාදිනල් හිමියෝ පැවැති ආණ්ඩුව සහ වර්තමාණ ආණ්ඩුව ප්‍රහාරයේ සත්‍ය වසන්කරන බව ද සදඟන් කළේය.
මෙම සැමරුම් වැඩසටහනට සෝභිත ස්වාමීන්වහන්සේ ඇතුළු සර්ව ආගමික ජූජකවරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට ස්ථානීය නියෝජිත මාක් ඔන්රේ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
