gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරුදු නිවාඩු සතිය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 07ක් පැදුරටත් නොකියා රට හැර ගිහින්… ඉන් 04ක් නිර්විදන විශේෂඥ වෛද්‍යවරුන්!

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩු සතිය තුල දී පමණක් විශේෂඥ වෛද්‍යවරුන් හත්දෙනෙකු පැදුරටත් නොකියාම පැන ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙවී ගිය සතිය තුළදි  හම්බන්තොට, බිබිල, මැදිරිගිරිය හා ඇඹිලිපිටිය  රෝහල්වල නිර්වින්දන  විශේෂඥ වෛද්‍යවරුන් ,  නුවරඑළිය හා මයියංගන රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් හා මොණරාගල රෝහලේ බාහිර රෝගී අංශයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙසේ පැන ගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

මේ අනුව මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 350ට අධික පිරිසක් විදේශ ගත ඇති බවද පැවසේ.

විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ රට හැරයාම හේතුවෙන් රෝහල්වල රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේ බරපතල ගැටලු මතුව ඇති බවත් ඇතැම් සැත්කම් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවීමෙස් මිනිස් ජීවිත බරපතල අනතුරකට පත්වනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

විදේශගතවන වෛද්‍යවරුන් සමග ඇති කර ගන්නා බැදුම්කර ගිවිසුම තුළ ඔවුන්ගෙන් අය කර ගත යුතු දඩ මුදල හෝ අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිසි ලෙස කටයුතු නොකරන බවද එම ආරංචි මාර්ග පෙන්වාදේ.

විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ පැන යන විට ඔවුන් විශේෂඥ පුහුණුව ලබා දීමට වැය කල මහජන මුදල ගෙවා යන්නේ නම් තවත් නිලධාරීයෙක් එම මුදලින් පුහුණු කළ හැකි බව බලධාරීන්ගේ මතය වී ඇති අතර එම මුදල නොගෙවා හොර රහසේ රටින් පැන යාම මහජන මුදල් අවභාවිතයක් බව එම ආරංචි මාර්ග වැඩිදුරත් පෙන්වාදේ.


පවතින  නීතිරීති, ගිවිසුම්,  බැදුම්කර සියල්ල කඩා බිද දමා වීසා ගන්නා ස්ථානවලට අසත්‍ය ප්‍රකාශ කරමින් මේ අන්දමින් නිලධාරීන්  රටින් පැන යාම   වැලැක්වීමට රජය නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි  විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසීය. 

බුද්ධි ගලනය වලක්වා ගැනීමට නම් රටහැර යන නිලධාරීන්ට  අවශ්‍ය පහසුකම් ලබා දී මෙරට රඳවා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසා සිටයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka