gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාර විමර්ශනයට ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලමින් රටවල් කීපයක් හා එක්ව යෝජනාවක් සම්මත කරගැනීමට කාදිනල් හිමියෝ සැරසෙති!

පාස්කු අපරාධයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරගැනීම සඳහා  ජාත්‍යාන්තර විමර්ශනයක් ලබා ගැනීමේ අභිලාෂයෙන්  රටවල් කීපයක් සමග එක් වී    යෝජනාවක් ගෙන රැගෙනවිත්  එය සම්මත කරගැනීමේ වැඩ පිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක බව කාදිනල් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

“අපි දන්නේ නෑ තවම   එය කොච්චර දුරට ක්‍රියාත්මක වෙලා ද කියලා. නමුත් එම රටවල් අපට යම් ආකාරයක පොරොන්දුවක් දීලා තියනවා   මේක යෝජනාවකට හරවලා යෝජනාවක්  අනුමත කරගැනීම තුළින් මේ විමර්ශනය ජාත්‍යාන්තර මට්ටමින් කරන්න බලපෑමක් ඇති කරගන්න. “

“එමෙන්ම ජිනිවාහි මානව හිමිකම් කොමිසමට අපි මේක ඉදිරිපත් කරලා තියනවා. ඒගොල්ල අධ්‍යයනය කරමින් ඉන්න බවත්  ඉදිරියේදී මේ සම්බන්ධව අපිත් සමග   සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නබවත්   ඔවුන් දැනුම් දීලා තියනවා. ඉදිරියේ දී මේ සම්බන්ධව අප වෙනුවෙන් ඔවුන් විසින් හඬක් නගයි කියලා අපි බලාපොරොත්තුව ඉන්නවා.”

“ඒ එක්කම ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේත් මේ සම්බන්ධව නිතරම ප්‍රකාශ කරලා තියනවා. ඒ වගේම අපේ කාදිනල් තුමන්ලාගේ ජාලය මුලු  ලෝකයේම විවිධ රටවල ඉන්න ජාලය හරහා මේ ගැන හඬ නැගීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව මේ වනවිට රටවල් කීපයක වැඩ සටහන් ලෑස්ති කරලා තියනවා.” කාදිනල් හිමියෝ කීහ.

සමගි ජන බලවේගය විසින් තමන් බලයට පත් වූ පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව දන්වා ලබා දුන් ලිඛිත පොරොන්දුවේ ද ජාත්‍යාන්තර මට්ටමේ පරීක්ෂණයක් සම්බන්ධව සඳහන් බව කාදිනල් කී කාදිනල් හිමිපාණන්  ජාතික ජන බලවේගය පොරොන්දු වී ඇත්තේ දේශිය යාන්ත්‍රණයක් ඔස්සේ ඉහළම යුක්තිය ඉටු කරන වැඩපිළිවෙළක් බවද   සඳහන් කළහ.  මේ ලිඛිත පොරොන්දු දුන් අය ගැන විශ්වාසයකින් බලාගෙන සිටින බව උන්වහන්සේ පැවසූහ.


මුල් අවස්ථාවල අපේ කිසිම අභ්‍යන්තර ප්‍රශ්නයක් සඳහා ජාත්‍යාන්තර ඇඟිලි ගැසීමකට එකළාම විරුද්ධ වූයේ රටේ නායකයන් පිළිබඳව යම් විශ්වාසයක් තැබූ නිසා බව කී කාදිනල් හිමිපාණන් ඔවුන් ඒ විශ්වාසය බිඳ ඇති බව පැවසූහ.

“අපිට එතනින් එහාට යන්න තැනක් නෑ. අපිට තේරුම් ගන්න පුලුවන් වුනා ඒ එක්කම අපි මේ ලෝකයේ ජීවත්වනවිට අපට සමහරවිට  අනෙක් සහෝදර සහෝදරියන්ගේ උපකාරය අවශ්‍ය වෙනවා කියලා.” කාදිනල් හිමිපාණෝ කීහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka