ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධූර දරන සිව්දෙනකු ඉදිරි දින කිහිපය ඇතුළත ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ගවලින් දැනගන්නට තිබේ.
මෙම ඇමැතිවරුන් සිව්දෙනා ඉදිරි දින කිහිපය ඇතුළත අවස්ථා කිහිපයකදී ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව එම ආරංචිමාර්ග අනාවරණය කරයි.
මෙම ඇමැතිවරුන් සිව්දෙනා එකම අරමුණක් වෙනුවෙන් මෙසේ ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත්, අරමුණු කිහිපයක් මුල්කරගෙන මෙසේ ආණ්ඩුවෙන් ඉවත්වීමට තීන්දු කොට ඇති බවත් දැනගන්නට තිබේ.
මෙහිදී එක් ප්‍රබල අමාත්‍යවරයෙක් ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් අනතුරුව ඉදිරි දිනෙකදී මුලින්ම ආණ්ඩුවෙන් ඉවත්වීමට සැලසුම් කොට ඇති අතර අනතුරුව අනෙක් තිදෙනාද සිය තනතුරුවලින් ඉවත්වීමට කටයුතු කරනු ඇති බව පැවසේ.
අලුත් අවුරුදු සමයේදී විපක්ෂයේ ප්‍රබලයකු හට සුබපැතුම් එක්කිරීමට කතා කළ අවස්ථාවේදී මෙම කැබිනට් ඇමැතිවරුන් සිය තීන්දුව විපක්ෂයේ ප්‍රබලයාට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.
