gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාඩු ලබන ශ්‍රී ලන්කන් ‌මිලදී ගන්න කෝටිපති ධම්මික පෙරේරා ලෑස්තියි!

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනෙකුගේ විස්තර අද (22) දින අනාවරණය කරන ලදී.

එලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශව 6 පහත පරිදි වේ.

1. AirAsia Consulting Sdn. Bhd.

2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd

3. FITS Aviation (Private) Limited

4. Sherisha Technologies Private Limited

5. Treasure Republic Guardians Limited

6. Hayleys PLC

මෙහි එන Hayleys PLC මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එහි පාලක කොටස් හිමියා වේ.

2023 දෙසැම්බර් 31 දින වන විට Hayleys PLC පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක හිමිකාරීත්වය ධම්මික පෙරේරා මහතාගේ නම ඉදිරියෙන් ලියැවී තිබේ.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka