ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අධිකරණ නියෝග මත පැල්පත් නිවාස කිහිපයක් ඉවත් කිරීමට යාමේ දී ඊට විරෝධය පළකර බාධාකිරීම හේතුවෙන් උන්වහන්සේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (22) පැවති අදාළ නඩු විභාගය සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් සහභාගී වී ඇති අතර එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අනතුරුව ඔවුන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.