ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමකට සම්බන්ධ වීම හරහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට අපහාස කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ශ‍්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම අධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් පනවා ඇතැයිද හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාවලියකට යොමු වන බවත් හෙතෙම කියා සිටී.
මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින මෙරට සිටින ප්‍රධානම ව්‍යාපාරිකයෙක් මුණ ගැසී අපේක්ෂකත්වය ලබාදීම සඳහා මිලියන සීයක් ලබාදෙන ලෙස ඉල්ලා ඉල්ලා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
එම ව්‍යාපාරිකා ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ විට එවන් හමුවක් සිදුවූ සිදුවන ලද බවද පිළිගන්නා පිළිගත් බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවිච්චි වෙමින් ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ නඩු කටයුතුවලින් බේරීමට, ඔහුගේ ආරක්‍ෂාවට, මුල්‍යමය කටයුතු වෙනුවෙන් වී කොතරම් අසාධාරණයක්දැයි හෙතෙම තවදුරටත් ප්‍රශ්න කළේය.
සිය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.