gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විරෝධතාවයක් අතර ඩග්ලස් දේවානන්දා ඔන්න මෙන්න ගුටිකන්න යයි.. යතුරු පැදියක නැගී පලාගොස් ගුටි නොකා බේරෙයි…

කිලිනොච්චිය, පුනරීන්  පොන්නාවේලි හා කිරාංචි ප්‍රදේශයන්ගේ ඉඩම් සිමෙන්ති කර්මාන්ත ශාලාවකට හුණුගල් ලබා ගැනීමට ලබාදීමේ සුදානමකට එරෙහිව පොන්නාවේලි ප්‍රදේශයේ ජනතාව දැක් වූ  විරෝධතාවයක් නතර කිරීමට ගිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා  උද්ඝෝෂණකරුවන් විසින් ඊයේ (6) පලවා හරිනු ලැබීය. 
එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයාට උද්ඝෝෂණ කරුවෝ පහර දීමට උත්සහ කළහ. එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් හා ආධාරකරුවන් ඔහුව යතුරු පැදියක නංවා ගෙන එම ස්ථනයෙන් ආරෂිත ස්ථානයකට රැගෙන ගොස් තිබේ.
ගම්වාසීන් පැවසූවේ අමාත්‍යවරයා සිය හිතවාදීන් පිරිසක් සමඟ පැමිණ තම ඉඩම් සිමෙන්ති කර්මාන්ත ශාලාවකට පැවරීමේ සුදානමක් පැවති බැවින් ඊට විරුද්ධව තමන් විරෝධතාවය දැක්වු බවයි.


කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම්මානයේ ජනතාව යුද්ධය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිය උපන් ගම්මාන අතහැර ගොස් වසර ගණනාවක් අවතැන්ව සිට නැවත පදිංචියට පැමිණි පිරිසකි.
ඔවුන් යුද්ධය හේතුවෙන් සිය මුල් ගම්මාන අතහැර මුලතිව් වෙත ගොස් අවසන් යුද සමයේ යුද හමුදාවට භාරවී අනතුරුව වවුනියාව,සෙට්ටිකුලම්හි අවතැන් කඳවුරු තුළ කාලයක් රැදී සිට 2010 හා 2011 වසරවල යුද්ධයෙන් විනාශ වු ගම්මාන වෙත නැවත පැමිණ තිබේ.
වර්තමානයේදී පොන්නාවේලි ගම්මානය ආශ්‍රිතව හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට හුණුගල් පවතින සීමාවන් සොයා බැලීමට පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ භූ කැණීම් කර පරීක්ෂණ පවත්වා ඇතැයි ගම්වැසියෝ පවසති.

 ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක හුණුගල් කැනීමට අවශ්‍ය මුලික අනුමැතිය සිමෙන්ති කර්මාන්තශාලාවකට ලබාදී ඇති බවත්, හුණුගල් කැනීම ගම්මානය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ හොත් තමන්ට ගම්මානයේ ජිවත්විය නොහැකි බවටත් සඳහන් කරමින් පොන්නාවේලි ගම්වාසීහූ අඛණ්ඩව දින 100ක් ඉක්වමා මේ වන විට විරෝධතාව පවත්වමින් සිටිති.
එම ජනතාව දැන් බියෙන් පසුවන්නේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් නිසා තම ගම්බිම් යළි අහිමී යයි ද පිළිබඳවය.
-දිනසේන රතුගමගේ




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka