gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් දේහයන් ආදාහනය – ගෝඨා කරපු වැරැද්දට තොණ්ඩා සමාව අරගෙන වැඩක් නැති බව මුස්ලිම් කොංග්‍රසය කියයි

කොවිඩ් 19 ව්‍යාප්ති කාලසීමාව තුළ සිදුකරන ලද බලහත්කාර ආදාහන කටයුතු සම්බන්ධයෙන් රජය හරහා විධිමත්ව සමාව ඉල්ලීමට ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් දැරූ උත්සාහය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

The Sunday Morning වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් නිසාම් කාරියප්පර් පවසා ඇත්තේ, තොණ්ඩමන්ගේ සමාව ඉල්ලීම ප්‍රශ්නයට අදාළ පිළිතුරක් නොවන බැවින් එය ප්‍රතික්ෂේප කළ බවයි.

සමාව පැමිණිය යුත්තේ එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ ඇමැති මණ්ඩලයෙන් බවත්, එය ඡන්ද හිමිකර ගැනීම සඳහා ක්‍රියාත්මක වූ උපක්‍රමයක් වැනි දෙයක් බවත් ඔහු පවසයි.

2020 වසරේ අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මියගිය සියලු දෙනාම ආදාහනය කළ යුතු බවයි. කොවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ දේහයන් හේතුවෙන් භූගත ජලය අපවිත්‍ර විය හැකි බව පවසමින් රජය එම පියවර සාධාරණීකරණය කරන ලදී.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් භූමිදානය ආරක්ෂිත බව සඳහන් කර තිබියදීත්, මළවුන් මිහිදන් කිරීමට පුරුදුව සිටින මුස්ලිම් ප්‍රජාව කෙරෙහි රජයේ ප්‍රතිපත්තියේ කුරිරු බව මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් පෙන්වා දුන්නද එම ප්‍රතිපත්තිය 2021 පෙබරවාරි දක්වා පැවැතිණි.

එම කාලය තුළ අවම වශයෙන් පුද්ගලයන් 300 දෙනෙකු පමණ බලහත්කාරයෙන් ආදාහනය කර ඇති බවට ගණන් බලා ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීන් සරූර් පවසා තිබේ.

සමාව ඉල්ලීම වෙනුවට, කෲර බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය ගැන පරීක්ෂණයක් අවශ්‍ය වන අතර ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත ග්‍රන්ථයේ අදාළ තීරණය ගත්තේ ඔහු නොවන බව පවසා ඇති බැවින් එහි මූලය සොයාගත යුතු බව ශ්‍රීන් සරූර් පවසයි.

රජය විසින් මෙලෙස විවිධ පුද්ගලයන් හරහා සමාව අයැදීම මේ වසර අගදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඔවුන්ගේ සහාය ලබා ගැනීම සඳහා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ රටවල් සතුටු කිරීමට ගත් උත්සාහයක් දැයි සරූර් වැඩිදුරටත් ප්‍රශ්න කර ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් The Sunday Morning විසින් කළ විමසීමකදී මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසා ඇත්තේ සමාව ඉල්ලීමේ උත්සාහය පිළිබඳව තමන් ඒ  නොදන්නා බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka