gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකාට බඹරය වැල්ලේ කැරකේ.. හෙට ලොකු පුටුවක් හිමිවෙයි…

අර්බුද රැසකට මැදිව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් හෙට දිනය කැඳවා ඇත.
එහි මුලසුන හිටපු ජනාධිපතිනි සහ පක්ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දැරීමට නියමිතව තිබේ.

උද්ගත වී තිබෙන තත්ත්වය මත පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් අතුරු තහනමක් පනවා ඇත්තේ හිටපු ජනාධිපතිනිය විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.

ඉන් පසු එම පක්ෂ මූලස්ථානයේ තිබූ ලිපිගොනු අතුරුදහන් බවට වැඩ බලන මහ ලේකම්වරයා සිදු කරන ලද පැමිණිල්ලක් මත එම පක්ෂ මූලස්ථානයට කිසිවෙකුට ඇතුළු වීම පොලිසිය විසින් තහනම් කර තිබේ.

එම තත්ත්වය මත මෙම විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීම එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පදනම් ආයතනයේ දී හෙට පෙරවරු දහයට කැඳවා ඇත.

මේ අතර මෙසේ දේශපාලන මණ්ඩයක් ඇඳවීමේ නීති විරෝධී බව දන්වමින් පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා විසින් අමාත්‍ය නිමල් සිරිපාර සිල්වා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

නිමල් සිරිපාල සිල්වා මහතා දරණ පක්‍ෂ උපසභාපති ධුරයද පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් අත්හිටුවා ඇති බවත් අධිකරණයෙන් ලබාගත් අතුරු නියෝගයක් මත එම ධුරයේ පෙනී සිටින බවත් ඔහු එමඟින් සිහිපත් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka