gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විනාඩි තිහක දුරකථන ඇමතුම අතරතුර ඇමරිකාව, ඊශ්‍රායලය ට කල අනතුරු ඇඟවීම….

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බ්‍රහස්පතින්දා දින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථනයෙන් සම්බන්ධ වී ගාසා තීරයේ සිවිල් වැසියන් සහ සේවකයින්ට සහාය වීමට ඊශ්‍රායලය ස්ථිර පියවර නොගතහොත් තමන් සිය ප්‍රතිපත්ති ප්‍රවේශය පිළිබඳව නැවත සලකා බලන බවට අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ගාසා තීරයේ සිටි සහන සේවකයන් හත් දෙනෙකු  ඊශ්‍රායලය විසින් , හමාස් සමාජිකයන් යැයි සිතා ප්‍රහාර එල්ල කර ඝාතනය කල සිදුවීමෙන් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා දුරකථන ඇමතුමක් ඔස්සේ විනාඩි 30 ක පමණ කාලයක් සංවාදයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.

දුරකථන ඇමතුම අවසන් වීමෙන් පසුව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිති බයිඩන් ඊශ්‍රායලයේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඇති බවත් පවතින තත්ත්වය පිළිගත නොහැකි බවත් ය.

ඊශ්‍රායලයට සහයෝගය දක්වන හිතවත්ම ආධාරකරුවෙකු වන එක්සත් ජනපද ජනාධිපතිවරයා, මෙලෙස ඊශ්‍රායලයට අනතුරු ඇඟවූයේ ප්‍රථම වතාවට බව සඳහන් වනවා.
දුරකථන සංවාදයෙන් පැය කිහිපයකට පසු, ඊශ්‍රායලය ද ප්‍රකාශයක් නිකුත් කරමින් තමන් ගාසා තීරයේ උතුරු මායිමේ Erez හරස් මාර්ගය විවෘත කරන බව කීවා. ඒ  අනුව  අෂ්ඩොඩ් වරාය හරහා තාවකාලිකව ආධාර බෙදා හැරීමට ඉඩ දෙන බැවින් තවත් මානුෂීය ආධාර ගාසා තීරයට යවන ලෙසත් දන්වා තිබෙනවා. එමෙන්ම කෙරෙම් ෂැලොම් දේශසීමා හරස් මාර්ගය හරහා පැමිණෙන ජෝර්දාන ආධාර ප්‍රමාණය වැඩි කරන බවද එම ප්‍රකාශයේ සඳහන් ව තිබෙනවා.

එම ප්‍රකාශය සම්බන්ධව ධවල මන්දිරය යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් ධවල මන්දිර ප්‍රකාශක ඇඩ්‍රියන් වොට්සන් පැවසුවේ එම පියවර සම්පූර්ණයෙන් හා වේගයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

දුරකථන ඇමතුම අතරතුර, බයිඩෙන් ගාසා හි මානුෂීය තත්වය ස්ථාවර කිරීමට සහ වැඩිදියුණු කිරීමටත් අහිංසක සිවිල් වැසියන් ආරක්ෂා කිරීමටත් ක්ෂණික සටන් විරාමයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කල බවත් ධවල මන්දිරය පවසා තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජනපද නිලධාරියෙකු පවසා ඇත්තේ බයිඩන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ තර්ජනය අදාළ වන්නේ, ඊශ්‍රායලය සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට ආධාර කිරීම සඳහා වැඩි යමක් කළ යුතු බවට කෙරුනු එක්සත් ජනපදයේ ඉල්ලීමට පමණක් වන බවත් සටන් විරාමයක් සඳහා බයිඩන් හදිසි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවන බවත් ය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන ප්‍රතිප්‍රහාරයන් ට මුල් අවධියේ දී  දැඩි ලෙස සහයෝගය දැක්වූ නමුත් ගාසා තීරයේ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ලෙබනනයේ සහ යේමනයේ නව පෙරමුණු සමඟ යුද්ධය පුළුල් වූ විට, ඔහු සටන් විරාමයක් සහ මානුෂීය ආධාර ප්‍රවේශයක් සඳහා ඊශ්‍රායලය යොමු කිරීමට උත්සාහ කර තිබෙනවා.

පසුගිය මාසයේදී එක්සත් ජනපදය සටන් විරාමයක් ඉල්ලා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පැවති ඡන්දයෙන් වැළකී සිටි අතර එය ඊශ්‍රායලයේ කෝපයට පත් කරන්නක් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එලඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත මැතිවරණ තරඟයේදී බයිඩන්ට ලැබෙන සහයෝගය අඩපණ කළ හැකි ගාසා තීරයේ යුද්ධය, ඔහු හැසිරවීම සම්බන්ධයෙන් වන ඩිමොක්‍රටික් පක්‍ෂයේ කෝපයට ද බයිඩන් මුහුන දෙමින් සිටිනවා.
-අමායා උඩුවැරැල්ල
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka