gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගෙන් ඇමති විජේදාස ගැන විශේෂ ප‍්‍රකාශයක්..

දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රාජපක්ෂ මහතා රට වෙනුවෙන් තමා සමඟ එක්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නීතිඥ දිවියට හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

විජයදාස රාජපක්ෂ මහතා යටතේ පුහුණු වන සහ පුහුණුව ලැබූ කනිෂ්ඨ නීතීඥයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකීය දේශපාලනය සහ නීතීඥ වෘත්තිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන විජයදාස රාජපක්ෂ මහතා සාහිත්‍යකරුවෙකු, ලේඛකයකු, ගීත රචකයෙකු ලෙස සහ කලාකරුවෙකු ලෙසද සිදු කර ඇති සේවය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

1977 වසරේ තමා මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අවස්ථාවේ විජයදාස රාජපක්ෂ මහතා හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔහු එකළ එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ අපේක්ෂකයෙකු වූ බවත් සඳහන් කළේය.

අධිකරණ අමාත්‍යවරයා ලෙස අද ඒ මහතා පනත් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ඉදිරි වෘත්තීය කටයුතු වෙනුවෙන් ද සිය සුබපැතුම් එක් කළේය.

පුරා වසර 40ක කාලයක් සිය නීතීඥ දිවියේ පැමිණි ගමන් මඟ සිහිපත් කරමින් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒම සෑම අවස්ථාවකදිම තමාට සහාය වූ සියලු දෙනාටම සිය ස්තූතිය පිරිනැමූ අතර මෙවන් උත්සවයක් සංවිධානය කිරීම වෙනුවෙන් සිය කනිෂ්ඨ නීතීඥයන් ඇතුළු නීතිඥ ප්‍රජාවට කෘතවේදීත්වය පළ කළේය.

පුරා වසර 40ක කාලයක් කොළඹ අධිකරණ සංකිර්ණයේ නීතීඥවරයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ජනාධිපති නීතීඥවරයෙකු ලෙස ද, නිතීඥ සංගමයේ සභාපති වරයෙකු ලෙස ද, දේශපාලඥයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කෝප් කමිටු සභාපතිවරයෙකු සහ විවිධ රජයන් යටතේ අමාත්‍යාංශ ගණනාවකම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා නීතිඥ වෘත්තියට ඉටු කළ සේවාව අගයමින් කණිෂ්ඨ නීතිඥයන් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.
මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු කතානායක කරූ ජයසූරිය, ජාතික ආරක්ෂාව පිළිඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නීතිපති සංජය රාජරත්නම්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍යතාන්ත්‍රිකයින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු විනිසුරුවරුන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලධාරීන් ඇතුළු නීතිඥවරුන් සහ විජයදාස රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයින ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka