gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරුද්දෙන් පසු දේශපාලන පෙරළි රැසක්

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව රට තුළ අනපේක්ෂිත දේශපාලන පෙරළි කිහිපයක් සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් ‘ඉරිදා මව්බිම’ට වාර්තා වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුම් ඊට හේතු වී තිබේ.

පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර තිබුණු නමුත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි කැමැත්ත වන්නේ පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමට ය.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව ඉකුත්දා පැවති සාකච්ඡාවලදී ද බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලැබ ඇති බව ය.

එහෙත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ, පළමුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට ය. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් උත්සහ දරන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය ලබා ගැනීමට ය.

යම් හෙයකින් පළමුව මහ මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟ නොවන්නේ නම්, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකවිට පැවැත්විය යුතු බවට ජනාධිපතිවරයාට යෝජනා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා කරමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මන්ත්‍රීවරුන් විශ්වාස කරන්නේ මහා මැතිවරණය හා ජනාධිපතිවරණය එකවිට පැවැත්වීමෙන් පොහොට්ටුව හා ජනාධිපතිවරයා අතර ඇතිව තිබෙන දේශපාලන මත ගැටීමට යම් විසඳුමක් ලැබෙනු ඇති බව ය.

මේ සම්බන්ධයෙන් ඔවුන් පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ ඉහළ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද දැනගන්නට ඇත.

එහෙත් එම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසක් ‘ඉරිදා මව්බිම’ට සඳහන් කළේ මෙරට පවතින ක්‍රමවේදය අනුව මහ මැතිවරණය හා ජනාධිපතිවරණය එකවිට එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බව ය. එක ම දිනයක ආකෘති දෙකක මැතිවරණ ක්‍රමවලට ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව ජනතාවට අවබෝධයක් නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැබිනට් අමාත්‍ය ධූර හා රාජ්‍ය අමාත්‍ය ධූර දරන කණ්ඩායම අදහස් කරන්නේ පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණවලදී ද ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කළ යුතු බව ය. ඔවුන් පසුගියදා පැවැති පක්ෂ විධායක සභාවේදී ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

යම් හෙයකින් පක්ෂය තම තීරණය නොසලකාහැර වෙනත් තීරණයක් ගතහොත් කණ්ඩායමක් ලෙස ජනාධිපතිවරයාට සහය පළ කිරීම පිළිබඳව එම කණ්ඩායමේ අවධානය යොමුව ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් කණ්ඩායමක් ලෙස සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

ඒ සඳහා ඇමැතිකම් නොදරන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ද හිමි වී ඇතැයි ද පැවසේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එසේ වුවහොත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයට පත්වනු ඇති බව ය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරනු ලැබූ මහින්ද අමරවීර ඇතුළු පිරිසද ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. එහිදී ඔවුන් නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් යුතු නව සන්ධානයට එක්ව ඒ මගින් ජනාධිපතිවරයාට සහය පළ කරන්නේ ද, නැතහොත් කණ්ඩායමක් ලෙස ඍජුව ම ජනාධිපතිවරයාට සහාය දක්වන්නේ ද යන්න පිළිබඳව සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම නව සන්ධානයට ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි පිරිසක් ද දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද එකතු වන බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, සමඟි ජන බලවේගය පක්ෂයේ පිරිසක් ද ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා පොදු ලකුණක් යටතේ පොදු සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව එහිදී ඔවුන් පවසා ඇත.

නාලක සංජීව දහනායක, අනුර බාලසූරිය
-mawbima
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka