gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“සිංහයෙක් එක්ක යනවාද, ගවයෙක් එක්ක යනවාද?”

පසුගිය ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන වේදිකා මතදී එක්සත් ජාතික පක්ෂය සහ සජිත් පිලට එරෙහිව දැඩි ප්‍රහාරයක යෙදෙමින් “ඉදිරි කාලයේදී සිංහයෙකු සමඟ යනවා ද, ගවයෙකු සමඟ යනවා ද“ ආදී වශයෙන් ප්‍රශ්න කළ විශේෂඥ වෛද්‍ය සිතා අරඹේපොල මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය කේන්ද්‍රයේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් සිටින්නීය.

පසුගියදා (05) මේ ලෙස පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම වසරේ ඩෙංගු අවදානම් කළාප 64 සිට 02 දක්වා අඩු කර ගැනීමට රජයට හැකි වී ඇති බව ප්‍රකාශ කර තිබිණි. මෙය ආණ්ඩුවේ ජයග්‍රහණයක් යැයි අතිශෝක්තියෙන් දැක්වීමට උත්සාහ කර තිබුණ ද වැසි පවතින කාලයේ ඉහළ යන ඩෙංගු අවදානම වර්ෂාව අඩුවීමත් සමඟ ස්වාභාවිකවම අවම වීමක් පවතී. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව නිකුත් කළ නිවේදනයේ සිරස්තලය යොදා තිබුණේ “වෙනත් වසරවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩු කර ගැනීමට හැකි වුණා“ යනුවෙනි.

එහෙත්, වෙනත් වසරවල මුල් මාස තුන ඇතුලත වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ ඒ හේතුවෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳව දත්ත කිසිවක් හෙළිකර නොමැත. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය ලෙස මෙම කරුණු සඟවා තබා ඇති බව එයින් පැහැදිලි වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka