gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාලිත ගියා! ජීප් එක කොට උඩ! නෝනා කතා කරයි!

හදිසි අනතුරකින් පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ගැන තොරතුරු ඔබ ඕනෑ තරම් මේ වන විට අසා දැක ඇතුවාට සැක නැත. ඔහු කළ සමාජ සේවාවන්, ඔහු සතු වූ මානුෂික ගුණාංග, අව්‍යාජ බව, ඔහුගේ වත්කම්, පවුලේ විස්තර ආදී තොරතුරු රාශියක් ඔබ දැනටමත් දන්නවා ඇත. එහෙත් ඔහු සිය දේශපාලන කටයුතුවලට, සමාජ සේවා කටයුතුවලට සහ සියලු පෞද්ගලික ගමන් බිමන්වලට යොදාගත් පැජරෝ වර්ගයේ ජීප් රථය ගැන ඔබ මෙතෙක් අසා නැතුවා වන්නට පුළුවන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන් බහුතරයක් දෙනා ලෑන්ඩ් කෲසර්, මොන්ටේරෝ, රේන්ජ් රෝවර් ආදී කෝටි ගණන් වටිනා සුපිරි ජීප් රථවල නැගී ගමන් බිමන් යද්දී තෙවරප්පෙරුම මහතා නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටියදී පවා භාවිත කළේ වසර 30කට වඩා පැරැණි මෙම මිට්සුබිෂී පැජරෝ ජීප් රථයයි. ඔහු සමග ජීවිතයේ වැඩි කාලයක් දුක සැප බෙදාගත් එතුමාගේ ආදරණීය බිරිය, තෙවරප්පෙරුම මහතා සහ එම ජීප් රථය හා බැඳුණු සංවේදී මතකයන් ආවර්ජනය කරමින් කළ සම්මුඛ සාකච්ඡාවක් Saana show යූටියුබ් නාලිකාව විසින් පසුගියදා ඉදිරිපත් කොට තිබිණි. පහත පළවන්නේ එම සාකච්ඡාවයි.

පාලිත තෙවරම්පෙරුම මහත්මයා භාවිත කරපු වාහනය ගැන අපිට විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

තෙවරප්පෙරුම පරම්පරාවටම වාහනේකට තියෙන්නේ මෙච්චරයි. මේක ගත්තේ පාලිත අයියා රබර් කොන්ත්‍රාත් එකක් කරලා, රබර් ගස් ගලවලා, කරේ තියාගෙන අරගෙන ගිහිල්ලා මෝලට පටවලා දුක් විඳලා ගත්ත සල්ලිවලින් තමයි මේ වාහනේ ගත්තේ. පාලිත අයියගේ වාසනාවන්ත වාහනේ මේක. 2002 ඉඳලා හැම ඡන්දෙකින්ම පළමුවැනියා වුණා.

මේ වාහනේ මඟුල් තුලාවලට මිනිස්සුන්ට දුන්නා, මිනී ඇද්දා, ලෙඩ්ඩු ඇද්දා. කොරෝනා කාලේ නම් තනිකරම මේ වාහනේ තමයි ඒ වැඩවලට දිව්වේ. ගංවතුර කාලෙත් මිනිස්සුන්ට උදව් කරන්න යොදාගත්තේ මේ වාහනේ. අපි කොහේ හරි ගමනක් යද්දී පාරේ අනතුරක් දැක්කොත් පාලිත අයියා අපිව බස්සලා ඒ ලෙඩ්ඩුන්ව වාහනේට දාගෙන ඉස්පිරිතාලෙට අරගෙන යනවා.

තෙවරප්පෙරුම මහත්තයා මේ වාහනේට ඩීසල් පුරවලා ජනතා සේවයට දුන්නා කියලා අපි දන්නවා. ඒ දවස්වල ඔබතුමිය කොහොමද ගමන් බිමන් ගියේ?
අපි ගියේ ත්‍රීවීල්වල. එහෙම නැත්නම් අඳුරන ළමයෙක්ගේ වාහනයක.


අද කාලේ මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට තියෙන්නේ සුපිරි වාහන. තෙවරප්පෙරුම මහත්මයා ප්‍රාදේශීය සභාව, පළාත් සභාව නියෝජනය කළා. පාර්ලිමේන්තුව තුන් පාරක් නියෝජනය කළා. එහෙම කෙනෙකුට මීට වඩා හොඳ වාහනයක් තියෙන්න ඕනේ නේද?
මෙහෙම එකක් තිබුණු එක හොඳයි කියලා හිතනවා. මළගෙදරට ආපු සෙනඟ අපි දැක්කා. පුතාලා දෙන්නයි මායි තමයි හිටියේ. අපි කවදාවත් සුඛෝපභෝගී ජීවිතයකට හැඩගැහුණේ නෑ. අපි ඒවා ඉල්ලුවෙත් නෑ. මහජනතාවට සේවය කරන්න එයාට ඉඩ දීලා අපි පැත්තකට වෙලා හිටියා. ගමනක් ගිහින් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා තිබුණාම ‘ෂෙරී බහින්න ෂෙරී බහින්න’ කියනවා. අපි බැහැලා පාරේ අතරමං වෙනවා. පාරේ යන කෙනෙක් තමයි අපිව ගෙදරට ගෙනල්ලා දාන්නේ. මේක පෞද්ගලික වාහනයක් නෙවෙයි පොදු වාහනයක්. මිනිස්සුන්ගේ වාහනයක්. මෙතැන ඉඳලා වත්තට යන ටිකට දෙමළ, සිංහල, මුස්ලිම් මිනිස්සු කොච්චර ජීප් එකේ දාගෙන යනවද? ජාති ආගම් භේදයක් නෑ. අපි කවදාවත් මේක අපි සතු කරගන්න හිතුවේ නෑ. පුතාලා දෙන්නා හිටියට කවදාවත් මේ වාහනේ පදවලා නෑ.

අපේ රටේ මැති ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්ට ලොකු ලොකු වාහන තියෙනවා. ඒ අය විවිධ රටවල සාප්පු සවාරි යනවා ජනතාවගේ සල්ලිවලින්. ඔබතුමියට කවදාවත් එහෙම හිතිලා නැද්ද?
කවදාවත් නෑ. මමවත්, පුතාලා දෙන්නවත් එයාගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙලා නෑ. අපි ඒවට කැමැතිත් නෑ. අහිංසක මිනිස්සුන්ගේ දේවලින් යැපෙන්න අපි කැමැති නෑ. තෙවරප්පෙරුම මහත්තයා පාර්ලිමේන්තුවේ හිටියා අවුරුදු 10ක්. ඒ අවුරුදු 10ටම අපි වාර දෙකකට වඩා පාර්ලිමේන්තුවට ගිහින් නෑ. මේ වාහනේ දැන් කොටඋඩ තියෙන්නේ දුවලා දුවලම කැඩිලා. පොම්පේ හිල්වෙලා, බ්‍රේක් පෑඩ් දාන්නත් ඕනේ. හැබැයි පාලිත හිටියා නම් මේක තල්ලුකරගෙන හරි ගිහින් හදාගන්නවා.


මේ ජීප් එක විකුණන්න අදහසක් නැද්ද?
නෑ. මොනම හේතුවක් නිසාවත් විකුණන්නේ නෑ. මේකෙන් තමයි සියලු ජයග්‍රහණයන් එයා ලැබුවේ. වාහනේ පුතාගේ නමට හරවලා තියෙන්නේ.

වාහනේ පොත තියලා සල්ලි අරගෙන කොරෝනා දවස්වල මිනිස්සුන්ට කන්න දුන්නා කියලා අපි අහලා තියෙනවා?
ඒ කතාව ඇත්ත. අන්තිමට ඉඩමක් විකුණලා තමයි වාහනේ බේරගත්තේ. පාලිත ගංවතුර කාලේ හාල් මිටි ගණන් බෝට්ටුවලින් අරගෙන ගිහින් මිනිස්සුන්ට බෙදුවා. පුතාලා දෙන්නත් ඒ වැඩවලට උදව් කළා. පාලිතට ඕනේ වුණේ දරුවන් ගැන හොයනවටත් වඩා මිනිස්සුන්ට උදව් කරන්නයි. ලොකු පුතා නැතිවුණාට පස්සේ පොඩි පුතා ටික කාලයක් හිටියා. ඊට පස්සේ එයත් ගෙයක් හදාගෙන ඒ ගෙදරට ගියා. අපි මේ ගෙදර දොරවල් ජනෙල් කවදාවත් වැහුවෙ නෑ. මහත්තයා වහන්න දෙන්නෙත් නෑ. අද ඒ දේවල් මතක්වෙද්දී හරි සතුටුයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka