gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපරාධවලින් උපයන සියල්ල රාජසන්තක කරන පනතක්..- IMF කොන්දේසියක්..

යම් කිසි අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන නව නීති කෙටුම්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් එක්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය වන ඩොලර් තිස්තුන් කෝටි හැත්තෑ ලක්ෂයක් මුදා හැරීමට පෙර මෙම නව නීති සම්පාදනය කරන බවට වූ පොරොන්දුව ඉටු කළ යුතුය යන ස්ථාවරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසු වීම මෙම නීති කෙටුම්පත ගෙන ඒමට හේතු වී ඇතැයි වාර්තා වේ.

මෙම වාර්තාවේ ප්‍රධාන කරුණු පිළිබඳ සංක්ෂිප්ත සාරාංශයක්, යෝජිත නීති සැලැස්මක් සහ නීත කෙටුම්පත යනාදිය අඩංගු වේ.

මෙම සමස්ත ලේඛනයම තැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

The Proceed of Crime Act (POCA) (අපරාධ වලින් හිමි කරන්නා දේපළ පිළිබඳ පනත) ඔස්සේ වැළැක්වීම, සුරක්ෂිතව තබාගැනීම, අහිමි කිරීම, ආරක්ෂා කිරීම්, කළමනා කරණය නීතිමය වශයෙන් තහනම් කිරීම හා අපරාධ වලින් ලබාගත් දේපළ රාජසන්තක කිරීම ආදිය උදෙසා ප්‍රතිපාදන සැපැයේ.

නව පනතින් යම් පුද්ගලයකු වරදකරු කිරීමෙන් අනතුරුව හෝ ඔහු වරදකරු කිරීමකින් තොරව හෝ අපරාධයකින් හිමි කරගත් දේපළ රාජසන්තක කිරීම උදෙසා ද ප්‍රතිපාදන සැපැයේ.

මෙසේ අපරාධකරුට අහිමි කරන දේපළ ආරක්ෂා කිරීම, කළමනාකරණය හා සුරක්ෂිත කරණය සම්බන්ධව කටයුතු කිරීමට අපරාධ දේපළ කළමනා කරණය කිරීමේ අධිකාරිය නම් නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර තිබේ.

මෙම නව නීතියෙන් අපරාධයට ගොදුරු වූවන්ට සිදු වූ හානි ප්‍රතිපූර්ණය කිරීමේ ප්‍රතිපාදන ද යෝජනා කර තිබේ.

කාමිනී විජේදාස
සන්ඩේ ටයිම්ස්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka