ගැටඹේ දිය කපන විහාරයේ පිං පෙට්ටිය කඩන්න පැමිණි පුද්ගලයෙකුට අත් පා බැඳ අමානුෂික ලෙස පහර දී ඝාතනය කරලා…
මහනුවර ගැටඹේ දිය කපන විහාරස්ථානයේ පිං පෙට්ටිය කැඩීමට පැමිණි ආ පුද්ගලයකුට අත් පා බැඳ අමානුෂික ලෙස පහරදී ඝාතනය කොට ඇතැයි මහනුවර පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. සිද්ධියෙන් මෙසේ මියගොස් ඇත්තේ මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි චමිල සුධීර රත්නායක නැමති 42 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා පොලිස් හිස් වැස්මකට සමාන හෙල්මටයක් පැළද යතුරු පැදියකින් පැමිණ ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කෙසේ නමුත් එහිදී කිසියම් පිරිසකගේ ග්‍රහනයට හසුවී ඇති ඔහුව පසුව අත් පා බැද ඉතා අමානුෂික ලෙස එම පරිශ්‍රයේදී පහරදී ඝාතනය කොට විහාරස්ථානයේ රිය ගාල තුළ දමා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ මෘත ශරීරය අද උදෑසන සොයාගත් බව පොලීසිය වැඩිදුරටත් පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-ඉඳුනිල් කහටපිටිය
-lankasara
ගැටඹේ දිය කපන විහාරයේ පිං පෙට්ටිය කඩන්න පැමිණි පුද්ගලයෙකුට අත් පා බැඳ අමානුෂික ලෙස පහර දී ඝාතනය කරලා…
2024-04-07T12:20:00+05:30
Gossip Lanka Hot News





