තමන් මාක්ස් ලෙනින් වාදියෙක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. ජනතාව විමුක්ති පෙරමුණ සහ තමන් අතර සෑහෙන වෙනස්කම් ඇතැයි ද ඇය සඳහන් කරන්නීය.
ඇතැම් කාරණා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මතය හා තමන්ගේ මතය අතර වෙනස්කම් ඇති බවද ඇය පෙන්වා දෙයි.
ඇය මෙම අදහස් පලකර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.