gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බාර් ලයිසන් හෝල්සේල් දෙන්න සියල්ල සූදානම්! ගැසට් එක ළඟදීම එළියට!

බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව තීරණය කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය වසර පහළොවටම සංශෝධනය වී නොමැති බව එම සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති මුදල් කාරක සභාවට දැනුම් දී තිබේ. කිලිනොච්චිය වැනි ඇතැම් ප්‍රදේශවල බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් නොමැති බවත් එවැනි අවශ්‍යතා සලකා බලා ගැසට් නිවේදනයේ නිර්ණායක අනුව ඉහත සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගැනෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

මෙම නව අලෙවිසල් සඳහා දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන ඉල්ලීම්වලින් සියයකට ආසන්න ප්‍රමාණයක් නියමිත සුදුසුකම් සපුරා තිබේ. මේ වන විට නව බලපත්‍ර 32ක් නිකුත් කර ඇත.

බලපත්‍රයක් ඉල්ලුම් කරන තැනැත්තා පසුගිය වසර පහ ඇතුළත කිසිම අපරාධයකට සම්බන්ධ නොවිය යුතු වන අතර ඒ සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් අවශ්‍ය වන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසූ බව අරුණ පුවත්පත වාර්තා කොට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka