gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සේනක බටගොඩට ගීත 7ක් ගායනා කිරීම අත්හිටුවයි!

තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ගීත 7 ගායනා කිරිම වාරණය කරමින් අද (02) දින කොළඹ වානිජ මහාධිකරණය ආඥාවක් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව, අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා යන ගීත ගායනය අධිකරණය විසින් වාරණය කරනු ලබා තිබෙයි.

එකී ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදුකරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව සේනක බටගොඩ යන අයට එරෙහිව ගොනුකර ඇත.

සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙම වාරණ නියෝගය සේනක බටගොඩ මහතාට එරෙහිව නිකුත් කර ඇත.

තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබාදීමද මහාධිකරණය විසින් වාරණය කරන ලදි.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ මහතා විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.

-dinamina
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka