gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිලියන 1000ක බදු පොලු කාරයින්ගේ බදු එකතු නොකර බිලියන 600ක් හොයාගන්න රටටම වැට් ගැහුවා… චම්පික පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

කෝටියට වඩා බදු පොලු තැබූ 4479ක් ඉන්නවා... බිලියනට වඩා වැඩි බදු පොලු තැබූ පුද්ගලයින් 90ක් ඒ අතර...  ලක්ෂ 220ක් වූ රටේම ජනතාවට  සීනි ඇටයේ සිට ලුණු පුපුර දක්වා බලපාන ලෙස වැට් බදු වැඩි කර රුපියල් බිලියන 600ක් සොයා ගැනීම සඳහා රජය කටයුතු කරන්නේ නොගෙවූ බදු ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට  රුපියල් බිලියන 1000ක බදු මුදලක්  එකතු කරගැනීමට තිබිය දී බව ක්‍රම සහ විධි පිළිබඳ ආංශික කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (01) පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ ජනවාරි මස 01 දා සිට දෙසැම්බර 31 වනදා දක්වා පමණක්     ආසන්න වශයෙන් රුපියල් බිලියන166ක පැහැර හැරි  බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකතු කරගැනීමට ඇති බව   ඔහු අනාවරණය කළේය.

අවසාන අවුරුදු  5 තුළ පමණක්  බිලියන 666ක පැහැර හැරි බදු ඇති බව කී  පාඨලී චම්පික රණවක දළවශයෙන් මේ වනවිට බිලියන 1000 ඉක්මවා ගිය පැහැර හැරි බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකතු කරගැනීමට ඇති බව පෙන්වා දුන්නේය.

මේ වනවිට බිලියනට වඩා වැඩි බදු මුදල් පැහැර හැරි පුද්ගලයින් 90ක්,
බිලියනයේ සිට කෝටි 50 දක්වා සීමාවේ බදු පැහැර හැරිය පුද්ගලයින් 88ක්,
කෝටි 50 සිට කෝටි 30 දක්වා බදු පැහැර හැරි පුද්ගලයින් 104ක්,
කෝටි 30 සිට කෝටි 10 දක්වා බදු පැහැර හැරි පුද්ගලයින් 632ක්,
කෝටි 5 සිට කෝටිය දක්වා බදු පැහැර හැරි පුද්ගලයින් 3108ක් ඇති බව පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේය.

ඔහු පවසන්නේ කෝටියට වඩා බදු පොලු තබා ඇති පිරිස 4479ක් බවය.

මෙම පිරිස හඹා ගොස් බදු අයකරගන්නේ නොමැතිව බදු ඉලක්කය සමස්ථ ලක්ෂ 220ක් වූ ජනතාව මත පැටවීම මොනතරම් යුක්ති සහගතදැයි ඔහු ප්‍රශ්න කළේය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka