gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විද්‍යා දැරිය ඝාතනය කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි එක් අපරාධකරුවෙක් මහනුවර ජාතික රෝහලේ දී මිය යයි!

මෑත කාලයේ දී  මුළු රටම කම්පාකළ අතිශය ම්ලේච්ඡ මිනීමැරුමක් වන යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර මරා දැමීමේ අපරාධයේ වරදකරුවෙක් වී ජීවිතාන්තය දක්වා පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ  සිර දඬුවම් විඳිමින් සිටි අපරාධකරුවෙක් ඊයෙ (31) රෝගී තත්ත්වයක්  හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර සිටිය දී මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ යාපනයේ පුන්කුඩුතිව් කයිට්ස්හි පදිංචිව සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.  මෙම පුද්ගලයා සිය මරණය දණ්ඩනය සම්බන්ධයෙන්  ඔහු අභියාචනයක් ඉදිරිපත් කර  තිබූ බව පොලීසිය පවසයි.

මරණීය දණ්ඩනය නියමවීමෙන් පසු ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයා   විටින් විට රෝගාතුර වීම නිසා බන්ධනාගාර රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

වර්ෂ 2015 මැයි මස 13 දා සිදුවන විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේදී  යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස 2017 වසරේ දී   ස්විස් කුමාර් ඇතුළු අපරාධකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම් නියම වූයේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka