gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොදු අපේක්‍ෂක වෙන්න පෙර ජාතියෙන් සමාව ගන්නැයි දිලිත්ට කියයි

රාජපක්ෂ පවුලේ පස්දෙනෙකු පාර්ලිමේන්තුවට රැගෙන ඒම සදහා බැසිල් රාජපක්ෂ මහ මැතිවරණයක් ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇති බව පා.ම පාඨලි චම්පික රණවක මහතා පැවසිය.

ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ සම්බන්ධයෙන් ගිනිගත්හේන ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සදහා පැවති රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පා.ම පාඨලි චම්පික රණවක මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම පාඨලි චම්පික රණවක මහතා කියා සිටියේ

අපි මේ දවස් වල මේ රට ප්‍රායෝගිකව ගොඩනගන්න අවශ්‍ය දේවල් පිලිබදව රටේ ජනතාව සමග සාකච්ඡා කරමින් ඉන්නේ , ආගමික නායකයින් , දේශපාලන නියෝජිතයන් , විවිධ සංවිධාන සමග එක්ව ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න ජනතාවගෙන් සන්ධානයක් හදන්න කටයුතු කරනවා.

දැනට දේශපාලනයේ නියැලෙන සම්ප්‍රදායික දේශපාලඥ අයත් ඉන්නවා, පිටස්තර අයත් ඉන්නවා , එතකොට සන්ධානය තිරණය කරයි මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපෙක්ෂකයන් කවුද කියලා.

මහ මැතිවරණය ඉල්ලලා තියෙන්නේ බැසිල් රාජපක්ෂනේ , එයාගේ අරමුණ රාජපක්ෂ පවුලේ පස්දෙනෙක් පාර්ලිමේන්තුවට ගෙන්න, ජනාධිපතිවරයාගේ වගකිම තමයි විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිම ජුනි මාසයට කලින්, නැත්තම් රට විශාල අර්බුධයකට යනවා.

බැසිල් රාජපක්ෂට ඕනි විදිහට මැතිවරණ තියන එක නෙවෙයි කරන්න ඕනි , ණය ප්‍රතිව්‍යුහගත කරලා රට වැටෙන එකෙන් බේර ගන්න එක, ඔක්තොම්බර මස පත් වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවලා නොවැම්බර් වෙනකොට මහ මැතිවරණයක් තියයි.

දිලිත් ජයවිර මහතා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන්න කටයුතු කල ප්‍රධාන වගකිය යුත්තෙක් , පොදු අපෙක්ෂකයෙක් ගැන කතා කරන්න කලින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනල්ලා රටට සිදු වුණ හානිය පිලිබද කණගාටුව ප්‍රකාශ කරන්න ඕනි ඔහු ප්‍රථමයෙන් යනුවෙන් පැවසිය.


– රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka