විමල් වීරවංශ ජනපති සටනට!
උත්තර ලංකා සභාගයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙන බව වාර්තා වෙනවා.
පළමුව පැවැත්වෙන්නේ ජනපතිවරණය බැවින් උත්තර ලංකා සභාගය ගත යුතු දේශපාලන තීන්දුව ගැන කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිරණයට ඉදිරිපත් විය යුතු බවට තීරණය කර ඇතැයි එම සභාගයේ ආරංචිමාර්ග වාර්තා කරනවා.
කෙසේ වෙතත් එම ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ බවයි උත්තර ලංකා සභාගයෙන් ලැබෙන තොරතුරු කියා සිටින්නේ.
උත්තර ලංකා සභාගය පිහිටුවාගනු ලැබුවේ මෙරට කුඩා පක්ෂ කිහිපයක් එකතුවෙනුයි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, වාසුදේවගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, විජය ධරණී ජාතික සභාව, යුතුකම ජාතික සංවිධානය යන පක්ෂ එකතුවෙන්.
කෙසේ වෙතත් පසුගිය දිනවල තිස්ස විතාරණගේ නායකත්වයෙන් යුත් ලංකා සමසමාජ පක්ෂය ඉන් ඉවත් වූ බව වාර්තා වුණා.
විමල් වීරවංශ ජනපති සටනට!
2024-03-22T07:14:00+05:30
Gossip Lanka Hot News






