රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ මරණ තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරී කළ නොහැකි බව ජනාධිපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි සිය ධූරයෙන් ඉල්ලා අස්ව ඇතැයි වාර්තා වෙනවා.
ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වන පියල් නිශාන්ත ඔහුට මරණ තර්ජන කරන්නේ අල්ලස් ඉල්ලමින් බවයි එහි සඳහන් කර ඇත්තේ.
මෙම රාජ්‍ය ආයතනය දිගින් දිගට ම පාඩු ලබමින් තිබියදී අමාත්‍ය පියල් විසින් තවත් සේවකයන් 20කට පත්වීම් ලබා දී තිබෙනවා.
ආසනයේ ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා රුපියල් දසදහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින බවත් ඒ සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවත් උක්ත ලිපියේ දැක්වෙන බවයි සඳහන් වන්නේ.
අලාභ ලබමින් තිබූ ආයතනය තමා විසින් ලාභ ලබන තත්වයකට පත් කළ ද උක්ත ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමා ඉල්ලා අස්වෙන බවද ජනපතිවරයාට සභාපතිවරයා යැවූ ලිපියේ සඳහන් වෙනවා.