මේ දිනවල පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය අතරවාරයේදී ක්‍රීඩකයින්ට තරග පාවාදීමට බලපෑම් කළ බව කියන ඉන්දීය කළමනාකරුවෙකු වන යෝනි පටේල් සහ ඔහුගේ සහායක පැචලෝඩියා ආකාෂ්ට දිවයිනෙන් පිටත්වීමට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ ක්‍රීඩා වැරදිවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවය.
මෙම ඉන්දීය ජාතිකයින් මෙසේ මුදලට තරග පාවාදීමට ඇරයුම් කර ඇත්තේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංගට සහ නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක නීල් බෘෘම්ටය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් උපුල් තරංග සහ නීල් බෘෘම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා සහ දූෂණ විමර්ශන ඒකකයටද දැනුවත් කර තිබේ.