ඔටාවා හි ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ පොදු අවමංගල්‍ය උත්සවය අද පස්වරු 1ට ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේ දි පැවැත්වීමට නියමිතව තිබේ.
කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුවක් බ්‍රහස්පතින්දා ප්‍රවෘත්ති නිවේදනයක් මගින් මෙම අවමංගල්‍ය උත්සවය නිවේදනය කළේය.
මේ අතර, BCC තහවුරු කරන්නේ මෙම බිහිසුණු ඛේදවාචකයේ ඍජු ප්‍රතිඵල විඳින ජීවත්ව සිටින වින්දිතයා වන පවුලේ පියා, ධනුෂ්ක වික්‍රමසිංහ ශාරීරිකව සුවය ලබමින් සිටියත් මානසිකව බරපතල බිඳවැටීමක සිටින බවය.
පසුගිය සතියේ සිදුවීම් ජය ගැනීමට මනෝවිද්‍යාත්මක සහය අවශ්‍ය වන අතර ඔහුගේ පවුලේ වියෝව ඔහු බරපතල කම්පනයකට පත් කර ඇති බවත් ඔහු මානසිකව යහපත් තත්ත්වයක පසු නොවන බවත් කැනේඩියානු බෞද්ධ කොංග්‍රසයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කු මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
ධනුෂ්ක වික්‍රමසිංහ මේ පිළිබඳව මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව පවසන BCCය මේ අවස්ථාවේ දී තමන් හා සිටි සියලු දෙනා වෙනුවෙන් ඔහු ස්තුතිය පළ කර තිබිණි.
