“මේ පාරත් මහින්ද මහත්තයට කෙළවපං” – උදයංග වීරතුංගට ඇමැති කෙනෙක් බැනලා!
රුසියාවේ හිටපු තානාපතිවරයකු මෙන්ම රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු ද වන උදයංග වීරතුංගට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාල පරිශ්‍රයේදී පෙරේදා (20දා) රජයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු බැනවැදී ඇති බව ‘මව්බිම’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, “මම තමුසෙව හම්බවෙනකම් හිටියේ. මයික් ඉස්සරහ වාචාලය වගේ කියවල පුළුවන්නම් මේ පාරත් මහින්ද මහත්තයට කෙළවපං” යැයි කියමින් මෙම ප්‍රබල ඇමැතිවරයා වීරතුංග මහතාට බැනවැදී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමක් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී පැවැති අවස්ථාවේ මෙම බැනවැදීම සිදුව තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගි වූ මෙම රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසිනි.
අදාළ සාකච්ඡාව අවසන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් පිරිස එළියට පැමිණෙද්දී රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු වන උදයංග වීරතුංග පොහොට්ටු කාර්යාලයට පැමිණ තිබේ.
එහි දී අදාළ ඇමැතිවරයා “මම තමුසෙව හම්බවෙනකම් හිටියේ. මයික් ඉස්සරහ වාචාලය වගේ කියවල පුළුවන්නම් මේ පාරත් මහින්ද මහත්තයට කෙළවපං” යනුවෙන් පවසා ඇත.
එහිදී උදයංග වීරතුංග “සමාවෙන්න සර්” යනුවෙන් පවසා කිසිත් නොකියා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
“මේ පාරත් මහින්ද මහත්තයට කෙළවපං” – උදයංග වීරතුංගට ඇමැති කෙනෙක් බැනලා!
2024-03-22T15:22:00+05:30
Gossip Lanka Hot News






