gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා මම දන්නවා… අධිකරණය නියෝග කළොත් කවුද කියලා කියනවා… මෛත්‍රී නුවරදී කියයි

පාස්කු ප්‍රහාරය කළේ කවුද කියා තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
“පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම සිදු කළේ කවුද කියලා තවමත් කිසිවෙකුත් නොදන්නව වෙන්න පුලුවන්.  නමුත් ඒ අය කවුද කියා මා දන්නවා…” හිටපු ජනපතිවරයා පැවසුවේය

අස්ගිරි ගෙඩිගේ රජමහා විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ වේඬරුවේ උපාලි අනුනාහිමි ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් පසු අද(22) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා  මේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව කළේය.

ඔහු කියන්නේ අධිකරණයෙන ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ අය හෙළි කිරීමට තමන් සූදානම් බවය. එමෙන්ම තමන් කරනු ලබන ප්‍රකාශය රහසක් ලෙස තබා ගැනීම විනිශ්චයකාරවරුන් ගේ වගකීමක් යැයි ද ඔහු පැවසුවේය.

හෙතෙම අවධාරණයෙන් පවසන්නේ  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සිදු වෙමින් තිබෙන්නේ තමන් අල්ලා දුන්  ත්‍රස්තවාදීන්ට එරෙහිව බවය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka